Advertisement

දේශීය සිනමාවේ තුන්කාලය පිළිබඳ කියැවුණු ‘අපේ සිනමා කථාව’ නමින් යුතු අපූර්ව කතාබහක් සමගින් මෙරට සිනමාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරනු ලබන HELAWOOD POPCORN බ්ලොග් අඩවිය පසුගියදා චිත‍්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේදී එළිදැක්විණි. අදාළ සිනමාත්මක කතාබහ සංවිධානය කිරීම සහ HELAWOOD POPCORN බ්ලොග් අඩවිය සම්පාදනය කිරීම, දේශීය සිනමාව කෙරෙහි PEO TV සේවාවට ඇති ඇල්ම නැවත වරක් ප‍්‍රදර්ශනය කිරීමක් විය.

චිත‍්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන්, නළු නිළියන්, ඇතුළු සිනමා ශිල්පීන්, විචාරකයන් සහ රසිකයන් එකම සභාවක මුණගැසුණු මොහොතක් බවට පත්වූ HELAWOOD POPCORN- අපේ සිනමා කථාව’ ට පැමිණි පිරිස පිළිගනිමින් PEO TV ප‍්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා සභාව අමතන ලදි. පිළිගැනීමේ කථාවෙන් පසුව HELAWOOD POPCORN බ්ලොග් අඩවිය දියත් කිරීම පැමිණ සිටි ආරාධිතයන්ගේ එකතුවෙන් සිදු කෙරිණි. 

ඉන් අනතුරුව චිත‍්‍රපට විචාරක අජිත් ගලප්පත්ති විසින් ‘සිනමාවේ නොලියවුණු කතා’ නමින් කළ දෙසුමට දේශීය සිනමාවේ අප‍්‍රකට රස මුසු තැන් මෙන්ම සිනමාවේ ප‍්‍රගමනය වෙනුවෙන් ප‍්‍රකට විය යුතු කරුණුද රැුසක් ඇතුළත් විය.

සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොෂාන් පිළපිටිය, නෙරංජනී ෂන්මුගරාජා යන නළු නිළියන් එක පෙළට අසුන් ගනිමින් ‘සිනමාවේ යුග හැදුණු හැටි සහ යුග නැතිවුණු හැටි’ නමින් මෙහිදී සිදුකළ සමූහ කතාබහ මෙරට සිනමාවේ මෙතෙක් ගමන්මග පිළිබඳ නිදහස් සහ විවෘත අදහස් දැක්වීමක් බවට පත්වුණි. 

සිනමාව පිළිබඳ වූ මෙම කතා බහ අවසානයේ PEO TV විසින් තවත් යුතුකමක් ඉටුකරමින් දයා විමලවීර, විල්සන් කරූ සහ ලතා වල්පොල යන ශිල්පීන් වෙත ඔවුන් මෙරට සිනමාව වෙනුවෙන් රංගනයෙන් හා හඬින් ලබාදුන් දායකත්වය ඇගයීමට ලක්කළ මොහොත HELAWOOD POPCORN - අපේ සිනමා කථාවෙ’හි සංවේදී මොහොතක් බවට පත්විය.

එදා මෙදා තුරු මෙරට නිපදවූ චිත‍්‍රපට රාශියක එකතුවක් සහිත, මෙරට සිනමාවට ඉතා සමීපව කටයුතු කරනු ලබන සේවාවක් ලෙසින් සිනමා ක්‍ෂේත‍්‍රයේ පිරිස් වෙතින්ම ඉදිරිපත්වූ අදහසක් ක‍්‍රියාවට නංවමින් HELAWOOD POPCORNබ්ලොග් අඩවිය බිහිකිරීමට PEO TV කටයුතු කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements