Advertisement

උතුරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක සේනා සාමාජිකයන් විසින් බරපතල අපරාධ සිදු කරන ලද බවත් ඔවුන් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් පැමිණවිය යුතු බවත් විශ්‍රාමික ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙමළ මාධ්‍යවේදීන් සමූහයක් සමග පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

තරුණයන් පැහැරගෙනගොස් කප්පම් ඉල්ලීම, ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණ, මාධ්‍යවේදීන් ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ද බවට අනාවරණය වී තිබෙන හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන විටත් ඔවුන්ට සිර දඬුවම් ලබා දෙන විටත් එය රණවිරුවන් දඩයම් කිරීමක් යැයි සඳහන් කරමින් දිගින් දිගටම රට තුළ කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ මහතා, මෙලෙස අපරාධ කළ නිලධාරීන්ට දඬුවම් කළ යුතු බවට පිළිගනු ලැබුවේ ප්‍රථම වරටය.

“එහෙම දේවල් උනා” යැයි කියා සිටි විශ්‍රාමික ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම එල්ටීටීඊ සංවිධානයත් එම අපරාධ කළ බවයි.

කල්ලි ගැසී ස්ත්‍රී දුෂණ සිදුකරන ලද බව ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේය.

“එක කට්ටියකට සමාව දීලා අනික් අයට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් වෙන්න බැහැ නේ. හැබැයි ඉතින් බරපතල අපරාධයක් කරලා තියෙනවානම් ස්ත්‍රී දුෂණයක්, කල්ලි ගැසී දුෂණයක්, ඒ වගේ එකක් තිබුනොත් ඒක දඬුවම් කරන්න ඕනේ උසාවියෙන්,” යයි මහින් ද රාජපක්ෂ අවධාරණය කරයි.

“ගෙදරක ගෑනු ළමයෙක් ඉන්නවා නම්, ඒ ළමයව අරං ගිහිල්ලා කවුරු හරි රේප් කරනවානම්, ඒක යුද්දෙට සම්බන්ධයක් නෑනේ. මේ සටනට සම්බන්ධ නෑනේ. එහෙම දේවල් උනානේ. දෙගොල්ලන්ගෙන්ම උනා. එහෙම නම් ඒ දෙගොල්ලන්ටම දඬුවම් කරන්න ඕනේ ඒකට. එක කට්ටියකට දඬුවම් කරන්නයි එක කට්ටියක් නිදහස් කරන්නයි බැහැ, එහෙම උනානම්.” යැයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements