Advertisement

මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා ප්‍රමුඛ ගම්පියස කාර්යාලය විසින් මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කරනු ලබන සුව පියස වෛද්‍ය කඳවුර අද (09) දින දවස පුරා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා අත්වැලක් සැපයීමේ ඒකායන අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම සෞඛ්‍ය සායනයේදී, ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලයේ දියවැඩියා රෝග පරික්ෂාව, අධි රුධිර පීඩන පරික්ෂාව, පෝෂණය සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම, අක්ෂි පරික්ෂාව, දන්ත පරික්ෂාව, වකුගඩු රෝග පරික්ෂාව සහ විශේෂයෙන්ම කාන්තාවන් සඳහා පියයුරු පිලිකා සහ ගැබ්ගෙල පිලිකා පරීක්ෂාවන් සිදුකර ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, වකුගඩු බද්ධ කිරීමේ ජාතික ආයතනය, ජාතික දන්තායතනය, ජාතික පිළිකා මර්දන වැඩසටහන, ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සිය දායකත්වය ලබාදෙයි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements