Advertisement

මාකඳුරේ මධුෂ් මෙහෙය වූ පාතාල කල්ලිය සතුව තිබියදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය රාජසන්තක කිරීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.

මෙම දියමන්තිය රේගු නීsති රීති උල්ලංඝනය කරමින් හොර රහසේ සෞදි අරාබියේ සිට මෙරටට ගෙනැවිත් තිබූ එකක්‌ බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක්‌ නොමැති බව ද පොලිසිය පවසයි. මැණික්‌ ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පොලිසිය පවසයි. මෙම දියමන්තිය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර එහි තක්‌සේරු වාර්තාවක්‌ ගෙන නොතිබූ බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්‌සේරු වාර්තාවක්‌ ලබාගැනීමට ඊයේ කටයුතු කර තිබිණි.

දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට ලබා දෙන බව එහිදී මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

මාකඳුරේ මධුෂ්ගේ උපදෙස්‌ මත පාතාල කණ්‌ඩායමක්‌ විසින් මෙම දියමන්තිය මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මැණික්‌ ව්‍යාපාරිකයාගේ නිවසින් කොල්ලකා තිබුණේ ඉකුත් නොවැම්බර් මාසයේදීය.

මෙම මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමන් සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලසීමාවේදී මෙම දියමන්තිය පස්‌ ගොඩක තිබී හමුවූ බවයි. එම පස්‌ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

තමන් මෙම දියමන්තිය සෞදි අරාබියේ සිට හොර රහසේ ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් එය රැගෙන ඒම සඳහා කිසිදු බලපත්‍රයක්‌ හෝ රේගු ගාස්‌තුවක්‌ නොගෙවූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

රේගු නීති රීති උල්ලංඝනය කරමින් මෙතරම් වටිනා දියමන්තියක්‌ හොර රහසේ මෙරටට ගෙන ඒම බරපතළ ක්‍රියාවක්‌ බව පවසන පොලිසිය මෙම දියමන්තිය බොහෝ විට රාජසන්තක කිරීමට ඉඩ ඇති බව ද කියා සිටියි.

මෙම දියමන්තිය කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා බව කියන කැලුම් ඉන්දික නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ සඟවා තිබියදී දියමන්තිය සොයා ගැනීමට හැකි විය.

නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements