Featured News

Video Gossip

Advertisement

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

විල්පත්තු රක්ෂිතයේ අවට ඇති පරිවාර රක්ෂිත ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක ඊයේ (24දා) නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පරිවාර රක්ෂිත වූ මරච්චිකඩ්ඩි , කරඩික්කුලි, පාලෙයිකුලි, විලාත්තිකුලම් හා සිලාවතුර යන ප්‍රදේශයන්හි නිරික්ෂණය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

එහිදී විල්පත්තු වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ,

‘‘මේ ඉඩම් එදා 2013 ඉඩම් බෙදලා ගස් කට්ටි කරලා දීපු ඉඩම් නමුත් අවුරුදු 5කට 6කට පසුව ඒ වැසියන් නැවත එන කොට මේ ප්‍රදේශවල ලඳු කැලෑවල් වෙලා අවුරුදු 5 ක් වයසැති ගසුත් මේ ඉඩම් වල තියනවා.

මේ ප්‍රදේශයේ කපපු පාරවල් තියනවා. විදුලි පද්ධතිය ඇදපු ඒවා තියනවා. කැලේ කපලා මායිම් ගහලා ලයිට් දීලා පදිංචි කරවලා තියෙන්නේ 2013 වසරෙදි කියල තමයි කියන්න තියෙන්නේ.”යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements