Featured News

Video Gossip

Advertisement

තරග පාවාදීමක් ඔප්පු වුවහොත් තරාතිරම නොබලා වසර 5ක සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහක දඩයක් නියම කළ හැකි නීති කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එවැනි නීතියක් ආසියානු රටක ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන බව ඇමැතිවරයා සඳහන් කළේය. පසුගිය දිනෙක විදේශීය පුද්ගලයකු තරග පාවාදීම් සම්බන්ධ චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කළද, ඒ හා සම්බන්ධ දඩුවම් පැනවිය හැකි නීතියක් රටේ නොතිබූ හෙයින් එම පුද්ගලයාගේ ගමන් බලපත්‍රයදී රටින් පිටුවහල් කිරීමට සිදුවූවේ යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ස්වාධීනත්වය තහවුරු කරමින් එම ආයතනය නව සිවු මහල් ගොඩනැගිල්ලකට පිවිසීමේ උත්සවය අමතමින් ප්‍රනාන්දු මහතා මේ බව පැවැසීය. මෙතෙක් ක්‍රීඩා විද්‍යා ගොඩනැල්ලේ ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පවත්වාගෙන ගිය අතර, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසල ඉදිවූ නව ගොඩනැගිල්ලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ විවෘත කෙරුණි.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 200ක් පමණ රජයේ වියදමින් නව ගොඩනැගිල්ල ඉදි කෙරුණි. මේ උත්සවයේදී ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තවත් වසරකින් එම තනතුරෙන් ඉවත්වන බව පැවසීමට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා පැවැසූවේ “මේ ආරම්භ කළ ගමන ශක්තිමත් කිරීමට මහාචාර්යවරයා තවත් වසර 5ක් එම තනතුරේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිනක් වැනි කෙටි කාලයකදී කළ ආරාධනාව පිළිගැනීමට නිහතමානීවීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා සිය ස්තූතිය පළ කළේය. “බොහෝ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පිළිබඳ දන්නේ නෑ. ක්‍රීඩකයා භාර පුහුණුකරුගේ දැනුම අනුව ලබාදෙන ඇතැම් ඒවා හිතකර නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ ආයතනය තහනම් උත්තේජක පිළිබඳ ග්‍රාමීය ක්‍රීඩකයන්ට දැනුම ලබා ගැනීමට බොහෝ ප්‍රයෝජනවත් වේවි. ක්‍රීඩා සංගම් නමට පමණක් වැඩක් නෑ. ඒවා ප්‍රයෝජනවත් මෙහෙවරක යෙදිය යුතුයි. අද ක්‍රිඩකයෝ වෘත්තීය මට්ටමට පත්වෙලා. අපට ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ සිටින බව පසුගිය මීටර් 100 තරගය තත්පර 10ක් ආසන්නයේ කළ ධාවනයෙන්ම වැටහෙනවා” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

වසර 9ක් ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති ලෙස කටයුතු කළ තමන් “ගල් වදින වේලාවේ නොව, මල් තියෙන වෙලාවේ” සමු ගැනීම සුදුසු බව සිතන බැවින් ලබන වසරේ තනතුරෙන් ඉවත්වන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. හිටපු ක්‍රීඩා ඇමැතිවරුන්වන නවීන් දිසානායක, දයාසිරි ජයසේකර හා අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා යන මහත්වරු ලබාදුන් සහයෝගයට සිය ස්තූතිය පුද කළේය.

“නවීණ අංගෝපාංගවලින් හා තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙහි පර්යේෂණ හා විමර්ශන අංශයක්, පුස්තකාල පහසුකම්, වෙන වෙනම පරීක්ෂණාගාර ඉදිකොට තිබෙනවා. රුධිර පරීක්ෂාවෙන් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ සොයා ගත හැකි නවීණ රසායනාගාරයක් මෙහි තිබෙනවා. එයින් එක් පරීක්ෂණයක් සදහා දැන් පිටරට රසායනාගාරයකට වැයකරන අමෙරිකානු ඩොලර් 200ක මුදල රට තුල ඉතිරි කර ගත හැකියි දක්ෂ ක්‍රීඩකයෝ බිහිවෙන්නේ කොළඹ 7න් නොවෙයි. මේ ආයතනය කොළඹ 7න් ඉවතට ගිය පළමු ආයතනයයි. පාසල් වයසේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ආයතනයෙන් දැනුම ලබා දෙනවා” පාසල් විෂය නිර්දේශයට තහනම් උත්තේජක භාවිතය පිළිබඳ හා නිවැරදි පෝෂණය පිළිබඳ කරුණු ඇතුළත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සිල්වා මහතා සදහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements