Advertisement

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස බන්ධනාගාර ගතකර ඇති කාලය තවත් මසක් දක්වා සඳහා දීර්ඝ කර තිබේ.

ඊයේ (28) ඩුබායි අධිකරණය විසින් මෙලෙස රිමාන්ඩ් කාලය යළි දීර්ඝ කර ඇති බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් කටයුතු කරන නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා අද දෙරණට සඳහන් කළේය.

ඩුබායි පොලීසිය ඉකුත් 5 වනදා අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තා එරට පොලීසිය මඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත එවීමට නියමිත තිබුණි.

ඩුබායි පොලිසියේ අත්අඩංගුවට ගැනුන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග පසුගිය 14 වන දා නියෝග කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements