Featured News

Video Gossip

Advertisement

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය පසුගියදා (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම දියමන්තිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නිල් දියමන්තිය ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි.

අත්අඩංගුවට ගන්නා ලද නිල් දියමන්තිය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ද දියමන්තිය සමග පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මීට පෙර මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත මෙම නිල් දියමන්තිය සොයාගෙන තිබිණි.

සොයාගන්නා ලද මෙම නිල් දියමන්තිය මීට පෙර මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැරගන්නා ලද නිල් දියමන්තියම ද යන්න තහවුරු කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements