Featured News

Video Gossip

Advertisement

මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුද්ගලයන්ගෙන් දෙදෙනකු මාර්තු මාසය අවසන් වීමට පෙර එම දඩුවමට ලක් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මරණ දණ්ඩනය නියම වී සිටින 1243කගේ පිරිසෙන් අභියාචනා මගින්ද, දඬුවම් තහවුරුව ඇති හා තවදුරටත් එම ජාවාරම මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17කගේ නාමලේඛනයක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශයද තහවුරු කර සිටියි.

මේ වන විට පුරප්පාඩු වී ඇති අළුගෝසු තනතුර සඳහා අයැදුම්පත්‍ර කැඳවා ඇති අතර, ඊට දේශීය අයැදුම්කරුවන් 101 දෙනකු හා විදේශ අයැදුම්කරුවෙක් සමග අයැදුම්කරුවන් 102 දෙනකු යොමුකර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරන අතර එම පුරප්පාඩුව සකස් කල පසුව මරණ දඬුවම සඳහා අවශ්‍යව ඇත්තේ අදාළ නියෝග සඳහා ජනාධිපති අත්සන් තැබීම බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements