Featured News

Video Gossip

Advertisement

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත් පත්ව ඇත.

තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග විසින්ද දිනාගෙන ඇත.

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් අවසාන මහා තරගය මීට සුළු වේලාවකට පෙර කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

අද (09) පැවැති අවසන් මහා තරගය සඳහා තරගකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටියේය. 

අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රිෂාදි රණතුංග, රවීන් තාරුක, තනුර මධුගීත් යන තරගකරුවන් අතරින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා ලෙස තනුර මධුගීත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකරගෙන තිබේ.

මෙවරත් ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් පිරිසක් අතරින් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂක මනාප මත ජයග්‍රාහකයන් තීරණය කෙරුණි.

රූපවාහිනි රියලිටි තරග ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල් හිමිකර දෙමින් අතුරුගිරිය අරියානා රිසෝට් එපාට්මන්ට්හි රුපියල් මිලියන 15ක් පමණ වටිනා නිවසක් ඇතුළු තවත් ත්‍යාගය රාශියක් පිරිනැමීම එහිදී සිදුවුණි.

ජයග්‍රහකයන්ට කුසලාන සමඟ මූල්‍යමය සහ මූල්‍යමය නොවන ත්‍යාග රැසක් ද ලබා දෙනු ලැබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements