Featured News

Video Gossip

Advertisement

ගායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරියකු වන මධුමාධව අරවින්ද ඊ‌යේ (23) තෙවෙනි වරට විවාහ දිවියට පිවිසියා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාරිත්‍ර සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්වූ අතර  ඔවුන් දෙදෙන සාක්ෂි අත්සන් කර තිබුණි.

ප්‍රකට නිළි නිල්මිණි තෙන්නකෝන් සමග පළමු විවාහයෙන් දියණියකද සිටින මධුමාධව එම විවාහයෙන් ඉවත්වූයේ වසර 2000 දීය. අනතුරුව රෙනුෂා නමැති මුස්ලිම් ජාතික තරුණියක හා 2011 දී ඔහු දෙවන විවාහයකට ගියත් එය 2015දී අවසන් විය.
මදු මාධව අලුතින් විවාපත් තැනැත්තිය ගැන වැඩි විස්තර තවම හෙළි නොවූ රහසකි. පසුගිය දින කිහිපයේ මේ පිළිබඳව ආරංචි පැතිර යද්දී මධුමාධව ඒ ගැන තැබූ සටහන 

මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. අරවින්ද යායේ අවසාන මලත් 2015 පරවුණා… ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ.. කියලා කිව්වා.
ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා…



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements