Featured News

Video Gossip

Advertisement

දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ,  උදෑසන 8.30 – 11.30 ත් අතර පැය 3 ක කාලයක් සහ සවස 6.30 – 7.30 ත් අතර කාලයේ හෝ රාත්‍රී 7.30 – 8.30 ත් අතර පැයක කාලයක් එම විදුලි කප්පාදුව සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි.

පවතින වියළි කාලගුණයත් සමග විදුලිය සඳහා අධික ඉල්ලුමක් පැවතිය ද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම මණ්ඩලය පෙන්වා දෙයි.
මෙරට ග්‍රීඩ් උපපොළවල් 50 කට අධික සංඛ්‍යාවක් පවතින අතර එම ග්‍රීඩ් උපපොළවල් මට්ටමින් මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

විදුලි කප්පාදුවකින් තොරව විදුලි සැපයීමක් සිදුවුවහොත්, විදුලි බල සමතුලිතතාව බිඳවැටීමේ අවදානමක් නිර්මාණය වන බව ද විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට සමාන්‍ය දිනක දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක් පමණ වන අතර ඉන් සැපයිය හැක්කේ, මෙගාවොට් 1950 ක පමණ ප්‍රමාණයක් බව ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

සමාන්‍ය දිනක රාත්‍රි කාලයේ විදුලි ඉල්ලුම මෙගා වොට් 2600 ඉක්මවන අතර මේ දිනවල සැපයෙන ප්‍රමාණය මෙගාවොට් 2300 ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන්, පසුගිය වසරේ අවසන් මාස කිහිපයේ සිට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළ ද ඊට නිසි පිළිතුරු ලබානොදීම හමුවේ මෙම ගැටලුව නිර්මානය වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණය කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements