Featured News

Video Gossip

Advertisement

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රිරෝද රථයක සිටි සිය මාස පහක නැගණිය සහ අවුරුදු හයක සොයුරා ‍බේරා ගත් අවුරුදු දහයක පුංචි වීරයෙක් ගැන පුවතක් වාර්තා වුනා. පාසල් අවසන් වී සිය පියා,නැගෙණිය සහ සොයුරා සමඟ ත්‍රීරෝද රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදී අනපේක්ෂිත ලෙස ත්‍රීරෝද රථයේ හැඬලය කැපී ගොස් ඔවුන් ගමන් ගත් රථය ඉසෙඩ් ඩී ඇළට පෙරලී ගොස් තිබුනා.

මහා ජල කඳක් සහිත ඇළ මාර්ගයට පෙරලී ගිය ත්‍රීරෝද රථයෙහි සිටි තම පියා,නැගෙණිය සහ සොයුරා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටියදී පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති මේ පුංචි වීරයා වහාම ක්‍රියාත්මක වී පළමුව සිය නැගෙණිය ගොඩට ගෙනවිත් තිබෙනවා. ඉන් අනතුරුව සිය සොහොයුරාද බේරා ගත් පුංචි සසිඳු අවට සිටි පිරිසකගේ උදව් සහිතව තම පියාගේ ජීවිතයද සුරක්ෂිත කිරීමට සමත් වෙනවා.

මේ වීර ක්‍රියාව සිදුකළ පුංචි සසිඳු තමන් මුහුණ දුන් අත් දැකීම ප්‍රකාශ කළේ මෙලෙසින්.

නංගිට මාස පහයි, මට අවුරුදු 10 යි. පාසල් ඇරිලා ගෙදර එද්දි තාත්තා වීල් එක එලවන් ගියා. එක පාරටම හැඬල් එක කැපිලා වීල් එක ඇලට ගියා. මම නංගිව උඩට ගත්තා. මල්ලි ඇතුලෙ හිරවෙලා හිටියෙ. මල්ලිවත් ගත්තා. මම කිවුවා බේර ගන්න බේර ගන්න කියලා. එතකොට මාමලා දෙන්නෙක් ආවා. එක මාමා කෙනෙක් මාව අල්ල ගත්තා. මම කිවුවා මට පීනන්න පුළුවන් අනිත් අයව බේර ගන්න කියලා.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements