Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රීලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැුගෙන යෑමට තැත් කළ ශ‍්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (28) දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු ත‍්‍රිකුණාමලය , තම්පලාකාමම් බටහිර ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි , සිංගප්පූරුවේ පෞද්ගලික ආයතනයක රැුකියා කරන්නෙකු වේ .

ඔහු 28 දින අලූ‍යම 3.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට පැමිණ සිටියදී , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු පිළිබඳව රේගු නිලධාරීන් වෙත දන්වන ලද තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

ඔහු විසින් රැුගෙන ආ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු විශාල ගමන් මල්ලේ ශ‍්‍රී ලංකා රුපියල් 1,000 සහ රුපියල් 5,000 නෝට්ටු වලින් සමන්විත මෙම රුපියල් 48,99,000 (හතළිස් අට ලක්ෂ අනූ නව දහසක* ක මුදලක් ස`ගවා ගෙන සිටිය බැව් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් වික‍්‍රම, රේගු අධිකාරී ලක්ෂ්මන් මල්විට, සහකාර රේගු අධිකාරීවරුන් වන මලිත් සිල්වා, සමන්ත පුෂ්පකුමාර , විරාජ් සිල්වා, මංජුල සූරියආරච්චි , හසිත රුද්‍රිගු වාසනා රූපසිංහ මහත්මිය සහ ඩෙලිකා තෙන්නකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කරමින් සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements