BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

අයවැය පරදනවා මහ ඡන්දයක් ගන්නවා- මහින්ද

විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා  ඊයේ (11 වැනිදා) කියා සිටියේය. 

මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පැවසූ රාජපක්‍ෂ මහතා ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලූන් වී රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද කීය.

දෙමළ පක්‍ෂ නායකයන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවටා ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව කියා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා රජය එම දෙමළ පක්‍ෂවල සහාය ලබාගෙන අයවැය ජයග‍්‍රහණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ ඉදිරි අයවැය ඡන්ද විමසීමේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදීය.

නෝමන් පලිහවඩන
« PREV
NEXT »

Facebook Comments APPID