Featured News

Video Gossip

Advertisement

ප‍්‍රධාන පක්‍ෂ දෙක එක මාර්ගයකට ගෙන ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී එක්ව වැඩ කිරීමට තිරණය කළ බව එම පක්‍ෂ දෙකේ නායකයෝ මාධ්‍යයට පැවැසූහ. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (11දා) සවස බත්තරමුල්ල ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡුාවෙන් අනතුරුව අනුර කුමාර දිසානායක සහ ආර්. සම්බන්ධන් යන මහත්වරු මාධ්‍යයට අදහස් දැක්වූහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුව විසින් තීරණය නොකර එක්කෝටි පනස් ලක්‍ෂයක ජනතාවට එම තීරණය ගැනීම භාර කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා කීවේය.

‘මේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ පරාද කරනවා නම් ඒ කරන්නේ ජනතාවට බියෙන්. එම නිසා මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා මෙය තීරණය නොකර ජනමත විචාරණයකට අවස්ථාව දිය යුතුයි. අපි අද දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටියේත් එයයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ තමයි ඔවුන් ඉන්නේත්.

සියලූම ජන කොටස් බලයට හවුල් කරගත යුතුයි. ඒ ගැනත් අපි සාකච්ඡුා කළා. අද රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් දෙකම පිරිහිලා. මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙන යන්න ඔවුන්ට බැහැ. රටත් රටේ ජනතාවගේ උන්නතියත් වෙනුවෙන් අපටත් දෙමළ ජාතික සන්ධානයටත් එක්ව වැඩ කළ හැකි ක්‍ෂේත‍්‍රවල එක්ව වැඩ කිරීමේ ස්ථාවරයකට අපේ පක්‍ෂ දෙක අද පැමිණියා’ යැයිද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මෙසේ කීය.

‘අපි අද ජවිපෙ සමග කරුණු ගණනාවක් ගැන කතා කළා. රටේ අද තත්ත්වය සහ ඉදිරියේදී වෙන දේ ගැන කතා කළා. අපි සහ ජවිපෙ එකට එකතුවෙලා රටත් ජනතාවත් වෙනුවෙන් වැඩ කළ හැකි ආකාරය ගැන කතා කළා. අපේ පක්‍ෂය ළඟදී ජනාධිපති සහ අගමැති හමුවී බලය බෙදීම ගැන කතා කළා. ඒ සාකච්ඡුාවලදී සිදුවූ දේ ගැනත් මෙහිදී කතා කළා. ජවිපෙ සමග රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කරනවා.’

අජිත් අලහකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements