Featured News

Video Gossip

Advertisement

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකටඅනුව 2016 වර්ශයේදී ඉදිකිරීම් ආරම්භ කල මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයඑළඹෙන ඉරිදා (31) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ. 

ශ්‍රී ලාංකීය සුහුරු (SMART) ප්‍රවාහණයේ සමාරම්භය ලෙස මෙය හැදින්වේ. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයක්අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකොට ඇති මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින්,දක්ෂිණඅධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙමමධ්‍යස්ථානය නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකරගැනිමට මගින්ට අවස්ථාව සලසා දි ඇත.

බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම්ද සහිත මෙමමධ්‍යස්ථානයෙන් අරතර්ජාලය ඔස්සේ (mobile app or web) ප්‍රවේශ පත් වෙන් කර ගැනීමසිද කළ හැක. දුම්රියේ සහ බස් රථයේ එකම ප්‍රවේශපත‍යකින් දුම්රියේ හා බස් රියේ ගමන්කළ හැකි වීම ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම් , ආපනශාලා හා බිල් පත් ගෙවීමේපහසුකම්ද මෙම මධ්‍යස්ථානයේ සිදු කළ හැක.

මෙම ප්‍රවාහණ මධ්‍යස්ථානයේ වහලය මත සවිකර ඇති සූර්ය පැනලය හරහා කිලෝවොට්180ක විදුලියක් ජනනය කරමින් සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය සපුරා ගනී. 

ඉදිරියේදී පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත,කටුනායක, දහ අටේ කණුව ආදීප්‍රදේශ වලද මෙවැනිම බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික
රණවක මහතා මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍්‍යස්ථානයේ අද(29) සිදු කළ නිරීක්ෂණචාරිකාවේන් පසු මාධ්‍යවේදීන් අමතා පැවසීය.

වර්ථමාන රජයේ සංවර්ධන වැඩසටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සිදුකල අමාත්‍යංශය වනුයේමහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වන අතර 2018 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළමමූල්‍ය කාර්‍යසාධනයක් සහිත අමාත්‍යංශය වූයේද මහනගර සහ බස්නාහිර සංවර්ධනඅමාත්‍යංශයයි. 
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කොළඹ වරාය නගරය, සුඛිත පුරවර වැඩසටහන, අඩුආදයම්ලාභි නිවාස ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන වැඩසටහන් රාශියක් හරහා මෙරටසංවර්ධනය සදහා ඉහළම දායකත්වයක් සැපයීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේනායකත්වය යටතේ මහනගර අමාත්‍යංශය සමත්වී තිබේ.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements