Advertisement

මාකඳුරේ මධූෂ් ඇතුළු ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින සියලුම දෙනා මෙරටට පිටුවහල් කරන ලෙසට ඩුබායි මහාධිකරණය ඊයේ (28) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝගකර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මෙම පාතාල නායකයින් ඇතුළු සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුළ මෙරටට එවනු ඇතැයි විශ්වාස කෙරේ. 

පසුගිය මැයි 5 දා ඩුබායි හෝටලයක පැවති සාදයක් අවස්ථාවේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජවාරම්කරුවන් ඇතුළු 30 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වී තිබිණි. 

ඒ අය අතරින් 16 දෙනෙකුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබූ අතර ඉතිරි පිරිසට කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබිණි. පසුගිය මස 28 දා මෙම නඩුව ඩුබායි මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊයේ දින දක්වා කල් තැබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements