Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113 කින් පරාජය වීමට සිදුවිය. තරගයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ලසිත් මාලිංග පවසා සිටියේ, අවස්ථාවන් කියන එක ක්‍රීඩකයොකුට හැමදාම නොලැබන බවයි.


එහිදි වැඩි දුරටත් අදහස් දක්වා සිටි ලසිත් මාලිංග,

‘‘ පන්දු යවන්නන්ගේ කාර්්‍ය කරා කීවට අපිට පළමු ඕවර කිහිපය තුළ හරියට ඔවුන්ව අපේ පැත්තට හරවා ගන්න බැරි වුනා. ඒත් නැවතත් ඕවර 15 න් පස්සේ අපි ආයේත් තරගයට ඇවිල්ලා, හරි තැන් වලට බෝල් කරලා ඒගොල්ලෝ ලකුණු 250 කට නවතාගත්තා.

“ නමුත් මට තියෙන ප්‍රශ්නය, මං හිතනවා කැප්ටන් කෙනෙක් විදියට අපි ජාතික කන්ඩායම නියෝජනය කරන විට මීට වඩා හැම ක්‍රීඩකයෙකුට වගකීමක් තියෙනවා. අපි මෙතනට එන්නේ දේශිය තරග වලට ක්‍රීඩා කරලා එතනදී අපේ උපරිමය කරලා දක්ෂතා දැක්වුවට පස්සේ. මේක අපිට දෙයියෝ දෙන දෙයක් නොවේ. මේක අපි මහන්සියෙන් ලබා ගන්න දෙයක්.

නමුත් මහන්සියෙන් ඒ ලබා ගන්නා දේ කොතරම් වටිනාමක් තියෙනවද කියලා මේ ක්‍රීඩකයන් දන්නවද කියන එක මට තේරෙන්නේ නෑ. අවස්ථාව කියන දෙය හැමදාම හම්බ වෙන්නේ නෑ. අවස්ථාවක් හම්බ වුනු වෙලාවට ඒකෙන් ප්‍රෙයා්ජන ගන්න ඕන. මෑත කාලය පුරාවටම ඒ හම්බ වුණු අවස්ථාවන් වලින් ක්‍රීඩකයන් ප්‍රෙයෝජන ගත්ත බවක් පේන්නට නැහැ. ඒකයි අපි මේ තත්වයට ඉන්නේ.

මම හිතනවා මේ ක්‍රීඩකයන් කොතරම් කැප කිරීමක් කරලද මෙතනට ආවේ, ඒ දීපු අවස්ථාවෙන් කොහොමද ප්‍ර යෝජන ගන්නේ කියලා තේරුම් ගන්න ඕන.

“ පිතිකරුවන් 7 දෙනෙක් ක්‍රීඩාකරන විට ආරම්භයක් ලබා ගන්නවා කියන්නේ, ලකුණු 30 ක් ගහන එක නොවෙයි. ආරම්භයක් ලබා ගන්නවා කියන්නේ ලකුණු 50 ගහලා එතනින් එහාට ගේම් එක ඇදගෙන යන එක. ලකුණු 30 ක් ගහලා ආරම්භයක් ලබාදුන්න කියලා සතුටු වෙනවනම් මම ඒ තත්වයේ නැහැ. පිතිකරුවෙක් වුනාම අංක 7 දක්වා ලකුණු 100 ක් ගහලා තරගයක් දිනවන්න පුළුවන් වෙන්න ඕන. යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook