Featured News

Video Gossip

Advertisement

මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ද වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත.

අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද වාර්තා වෙයි.

දැනට තිබෙන තත්වය මත දෙමල සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 15 දෙනාගෙන් වැඩි පිරිසක් අයවැයට විරුද්ද වීමට හෝ වර්ජනය කිරීමට ඉඩ ඇත.

විජේදාස රාජපක්‍ෂ, ආනන්ද අලුත්ගමගේ සහ දෙමල සන්ධානයේ එක් මන්ත‍්‍රීවරයෙක්ද තව දුරටත් විපක්‍ෂය සමග කටයුතු කරමින් සිටී.

මේ අතර වාර්තා වන්නේ පසුගියදා ආණ්ඩුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අයවැයට විරුද්ද වී නැවතත් විපක්‍ෂයට පැමිණ ශ‍්‍රීලනිපයට එක්වනු ඇති බවයි.

එවන් තත්වයකදී සන්ධානය හා ජවිපෙ ඡන්ද එකතුව එජාප එකතුවට වඩා වැඩි නිසා අයවැය පරාජයට පත්වන ලකුණු පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ඡන්දය විමසන අවස්ථාවේ ඊට කිසිදු සන්ධාන මන්ත‍්‍රීවරයෙක් විරෝධය පල නොකර සිටිනු ඇති බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements