Featured News

Video Gossip

Advertisement

මෙතෙක් අත්අඩංගුවටගැණුනු සියළු නීතිවිරෝධීමත්ද්‍රව්‍ය ලබන අපේ‍්‍රල් මස පළමු සතියේදී විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදීවිනාශ කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද ප‍්‍රකාශ කළා.

නීතිවිරෝධීමත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා භාවිත කරන අධි තාක්‍ෂණික උපකරණ දිවයිනට ගෙනඒම සදහා මේ වනවිට මිළ ගණන් කැදවා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ.

එම උපකරණ මාස කිහිපයකින් ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

එම අධිතාක්‍ෂණ උපකරණවල මිළ රුපියල් මිලියන 10 ත් 15 ත් අතර වන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ජනාධිපති මන්දිරයේ හමුවූ අවස්ථාවේදීයි.

මත්ද්‍රව්‍යභාවිතයෙන්වැළකෙන බවට රටම එක්ව සිදුකරන දිවුරුම්දීමක් ලබන අපේ‍්‍රල් මස 8 වනදා උදැසන අටට කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශයේදී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. එය නම් කර ඇත්තේ බක්මහ දිවුරුම ලෙසයි.

පොලිස් දෙපාර්තමේන්තුව භාරව මීට පෙර සිටි විෂයභාර අමාත්‍යවරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග ගෙන නොමැති බව පැවසූ ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ කාන්තා පොලිස් නිලධාරිණියන් 2500 ක පමණ පුරප්පාඩුවක් පවතින බවයි.
දෙමළ භාෂාව නොදන්නා පොලිස් නිලධාරීන් රැසක් සිටීම නිසා දෙමළ භාෂාව කතා කළ හැකි මුස්ලිම් සහ දෙමළ පුද්ගලයින් පොලිස් සේවයට බදවා ගැනීමටද අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එම සාකච්ඡාවේදී මාධ්‍ය ප‍්‍රධානීන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සදහන් කළේ හිටපු මහබැංකු අධිපතිවරයා ජාත්‍යන්තර පොලීසිය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය සදහා ජාත්‍යන්තර පොලීසිය විසින් විනිසුරුවරයෙකුද පත්කර ඇති අතර එම විනිසුරු සදහන් කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත නොහැකි බවයි.

ඒ අනුව යළි ජාත්‍යන්තර පොලීසිය හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව රතු නිවේදන නිකුත් කළ බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements