Advertisement

ගූගල් ආයතනය විසින් ශ‍්‍රී ලාංකික සිසුවකු ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලෙස නම් කර තිබෙනවා.

හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු අරුණෝද නාකන්දල වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිසුවෙක්.

ඔහු විසින් “හොරගොල්ල ජාතික වනෝද්‍යානය” නමින් රචනා කරන ලද කෘතියක ඉංග‍්‍රීසි පිටපතක් ගූගල් ආයතනය අන්තර්ජාලය තුළ පළ කර තිබෙනවා.

මීට පෙර ගූගල් ආයතනය විසින් අන්තර්ජාලයේ පළ කර ඇති ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථය රචනා කර තිබී ඇත්තේ වයස අවුරුදු 09ක් වූ අමෙරිකානු ජාතික සිසුවියක්.

තමන් මෙම ග‍්‍රන්ථය රචනා කළේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ නිවරැදි තොරතුරු එක ස්ථානයක නොමැති වීම පිළිබඳ සිත තුළ ඇති වූ සිතුවිල්ලක් නිසා බවයි ඉසුරු අරුණෝද නාකන්දල සඳහන් කළේ. එම අදහස තම පියාගෙන් තමා තුළ ඇති වූ බවද ඔහු සඳහන් කළා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements