Featured News

Video Gossip

Advertisement

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අවශ්‍ය නිසි වාර්තා හා ලේඛන ශී‍්‍ර ලංකා රජය මගින් ලබා දෙන්නේ නම් ඔහු පිටුවහල් කළ හැකි බව සිංගප්පූරු රජය කියයි.

ශී‍්‍ර ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිංගප්පූරුව නීතියෙන් බැඳී සිටී.

මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට රැුකවරණය සලසන බවට ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ චෝදනාව සිංගප්පූරු රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ඩොලර් මිලියන 74 ක මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ට සිංගප්පූරුව රැුකවරණ සලසන බවට ජනපතිවරයා චෝදනා කළේ පසුගිය සඳුදා (18 දා* දිනයේදීය.

එහෙත් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් ඊයේ සඳහන් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති පිටුවහල් කිරීමට අදාළ නිසි ලියවිලි මෙතෙක් ශී‍්‍ර ලංකා රජය විසින් ඉදිරිපත් කර නැති බවය.

මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අත්‍යවශ්‍ය ලේඛන කිසිවක් සම්පූර්ණ කිරීමට ලක් රජයට නොහැකි වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා සඳහන් කර ඇතැයි එරට ද ස්ටේ‍්‍රට් ටයිම්ස් පුවත්පත කියයි. :ඔයැ ීඑර්සඑි ඔසපැි*

මේ බැඳුම්කර වංචාව නිසා ශී‍්‍ර ලංකා රජයට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 115 ක් බව ගණන් බලා ඇත.

ඉදිරියේදී හෝ අදාළ පුද්ගලයාට එරෙහිව නිසි තොරතුරු සපයනු ඇතැයි සිංගප්පූරුව බලාපොරොත්තු වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

චතුර පමුණුව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements