Featured News

Video Gossip

Advertisement

ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) දා පැවැති සාකච්ඡුාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එක`ගතාවකට පැමිණීමට හැකිව තිබේ. 04 වැනි පිටුවට

ඊයේ (21දා)  දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡුාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡුාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.

මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැ`ගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැ`ගීමට අවශ්‍ය මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව එක`ගතාවයන්ට පැමිණීම පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡුා වූ බවද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලූ පළාත් පාලන ආයතනවල දෙපාර්ශ්වය එක්ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරගෙන ඒ තුළින් ජනතා විශ්වාසය ගොඩනැ`ගීමට හැකි බවත් මෙහිදී සාකච්ඡුා වී තිබේ.

දෙපාර්ශ්වය අතර ඊයේ (21 දා) පැවැති සාකච්ඡුා සාර්ථකව අවසන් වූ බවත් මීළ`ග සාකච්ඡුාව එළඹෙන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමටත් තීරණය වූ බවත් එම නියෝජිතයෝ කීහ.

මෙම සාකච්ඡුාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන මහත්වරු එක් වූහ.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (21) පෙරවරුවේ මෙම සාකච්ඡුාව පැවැත්වුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements