Featured News

Video Gossip

Advertisement

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව මෛත්‍රී හරි යනුවෙන් පෝසටර් කිහිපයක් සෙනසුරාදා දින සිට එක්තරා ස්වෙච්ඡා සංවිධානයක් විසින් අලවා තිබූ අතර ඒ හේතුවෙන් කලබලයට පත් වූ යම් කිසි පිරිසක් පැය කිහිපයකට පසුව ඒ මත පෝස්ටර් කිහිපයක් අලවා තිබුණි.

මරණ දඩුවමට එරෙහි වූ යම් කිසි පිරිසක් විසින් පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි යනුවෙන් එම පෝසටර් කිහිපය අලවා තිබූ අතර මෛත්‍රී හරි පෝස්ටරයට උඩින් එය අලවා තිබීමත් නිසා මේ වනවිට පෝසටර් යුද්ධයක් ආරම්භ වී තිබේ.

ඉන් පසුව එම පෝස්ටර් මත තවත් ස්වෙච්ඡා කණ්ඩායමක් ලෙස සැලකිය හැකි පිරිසක් අනුග්‍රහය කුඩු මුදලාලිලාගෙන් යනුවෙන් ඒ මත අලවා තිබේ.

මේ අතර මෛත්‍රී හරි පෝස්ටර් තුල අත්වල ලේ නැති මෛත්‍රී,රටේ උරුමය රකින මෛත්‍රී,හොරකම් නොකරපු මෛත්‍රී,තැනට සුදුසු නුවණ යෙදූ මෛත්‍රී යනුවෙන් දක්නට ලැබේ.

නමුත් මෙය ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයට පක්ෂව එතුමාගේ ආධාරකරුවන් මෙය සිදුකරන්නේද නැත්තම් ජනාධිපත්තුමාට විපක්ෂව ආගම හොවා දක්වමින් කුඩුමුදලාලිලා මෙය සිදුකරන්නේද යන්න තවමත් ජනතාවට ගටළුවක් වී ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements