Featured News

Video Gossip

Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බව එම පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

තමන් හොරුන්ට, මිනීමරුවන්ට සහ ජඩ වැඩවලට විරුද්ධ හෙයින් තමන්ව මෙසේ කපා දමා ඇති බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.

එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් තමන් කිසිවක්ම නොදන්නා බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements