Featured News

Video Gossip

Advertisement

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුත් නව සංචරණ උපදේශක කමිටුවක් පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී කමිටුවේ සභාපති ධුරය ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා වෙත පිරිනමා ඇත. විශේෂයෙන්ම මේ වසරේදී සංචාරකයන් ලක්ෂ 30ක් මෙරටට ආරක්ෂණය කරගැනීමේ ඉලක්කයෙන් මෙම කමිටුව පත් කර තිබේ.

එම උපදේශක කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ධම්මික පෙරේරා (හේලීස්) මෙරිල් ප්‍රනාන්දු (ඩිල්මා) අබ්බාස් එසුෆලි (හේමාස්), සන්ජීව් ගාඩ්නියර් (ගෝල්ෆේස් හෝටල් සමූහය), ක්‍රිෂාන් බාලේන්ද්‍ර (ජොන් කීල්ස්), ෂිරෝමාල් කුරේ (ජෙට්වින්ග්) කුඔක් මෙන්ග් ෂිඔන්ග් (ෂැන්ග්රි - ලා), අශෝක් පතිරගේ (සොෆ්ට්ලොජික්), සී.ජේ. වික්‍රමසිංහ (කොනායිසන්ස්), රාමන් මූර්ති (ටාජ් හොටෙල්ස්), නලින් ජයසුන්දර (එයිට්කන් ස්පේන්ස් ට්‍රැවල්ස්), විපුල ගුණතිලක සහ එන්. රණසිංහ යන මහත්වරුන්ද සිටිති. මෙම කමිටුවේ සම්බන්ධීකරණය දිනේෂ් වීරක්කොඩි මහතා විසින් දරන අතර කැඳවුම්කරු ලෙස ෆෙලික්ස් රොඩ්‍රිගෝ මහතා පත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements