Featured News

Video Gossip

Advertisement

අයි.පී.එල්. තරගාවලිය සදහා සහභාගි වුවද එහි තරගාවලි සංවිධායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය සඳහා තමන්ට හැකි අයුරින් සහභාගි වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

2019 අයි.පී.එල්. තරගාවලිය සදහා සහභාගි වීමට ලසිත් මාලිංග වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් අවසර ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිය පළ කර ඇති මාලිංග “මෙවර අයි.පී.එල්. තරගාවලියට එක්වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වශයෙන් සම්පූර්ණ අයි.පී.එල්. තරගාවලියටම සහභාගි වීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවටත් මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් පුද කරන්නට කැමතියි. කෙසේ වෙතත් අයි.පී.එල්. කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට මම බලාපොරොත්තුවනවා.” යනුවෙන් පවසා ඇත.

තවද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩකයන් දක්වන දක්ෂතා දැක ගැනීමේ හොඳ අවස්ථාවක් අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය නිසා උදාවන බවද පවසන මාලිංග “එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලාන තරගාවලියට පෙර අපේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතා දැක ගැනීමට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක්. එම නිසා අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීමට හැකි අයුරින් උත්සාහ කරනවා.” යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements