Featured News

Video Gossip

Advertisement

NDB සම්මාන රාත්‍රීය පසුගියදා  (02දින)  සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. NDB බැංකුකරණයේ සියලු ශාඛාවන් ආවරණය වන පරිදි සියලු නිලධාරීන් මෙම උත්සවය සඳහා සභාගි වී සිටි අතර විනෝදාත්මක අංග සහ නර්තන අංග බොහොමයකින් සම්මාන රාත්‍රිය අලංකාර විය.

මෙම සම්මාන රාත්‍රියේ සුවිශේෂී කරුණක් බවට පත් වුයේ සියලු ශාඛා අභිබවමින් බම්බලපිටිය Wealth Center ශාඛාව හොඳම සම්මාන පහක් දිනා ගැනීමයි (Regional Best Branch, Best Branch National Award, Best Branch Award Cluster,Saving product Champion, Banassuarance product Champion) වැනි වටිනාම සම්මාන වේ. 2018 වසරේ බම්බලපිටිය Wealth Center ශාඛාවේ කළමනාකාරිනිය වශයෙන් සේවය කර තනුජා දන්වත්ත මහත්මියගේ සහ එම සේවකයින්ගේ ඉමහත් අවංක කැපකිරීමේ ප්‍රතිපලයක් වශයෙන් මෙම සම්මානය බම්බලපිටිය Wealth Center ශාඛාව වෙත ලැබුන බව එහි නිලධාරීන් පවසන අතර 2019 වසරේ සිට දන්වත්ත මහත්මිය NDB බැංකු රැකියාවෙන් සමුගෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Beyond Wealth සමාගමේ ඉහළ තනතුරක් සඳහා පත් වී ඇත. NDB බැංකු ආයතනයේ ඉහළ නිලධාරීන් ගේ සිට සියලු නිලධාරීන්ගේත් පාරිබෝගික ජනතාවගේත් හොඳ හිත දිනා ගැනීමට සමත් වූ දන්වත්ත මහත්මිය NDB බංකුවෙන් සමුගැනීම මහත් පාඩුවක් වගේම එහි අඩුව පිරවිය නොහැකි බව ඔවුන් සදහන් කරයි. දීර්ඝ කාලයක් NDB බැකුවේ සේවය කරමින් වසර 25 තම බැංකු ජිවිතයේ ඉහළ සේවාවක් එම ආයතනයට ලබා දී ඇති අතර ඇය සේවය කර සියලු ශාඛාවන් වලට මිට පෙරද සම්මාන රැසක් හිමි කර දී ඇත. ඇය මේ වන විට සේවය කරන නව සමාගමේ (Beyond Wealth) හි නව්‍යකරණයට ලක් කර ඇත.

මෙවර සම්මාන උළලේදී එහි ඉහළ කළමනාකාරීත්වය සදහන් කරනුයේ NDB බැකුව ඉතා ශීග්‍රයෙන් ඉහලට පැමිණ ඇති බවයි. 2020 වසරේදී ලබා ගැනීමට ඉලක්ක කර අරමුණ මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව ඔවුන් සතුටින් දන්වා සිටි අතර සියලු බැංකු ආයතන අතරින් හතර වන ස්ථානය ලබා ගැනීමටත් රුපියල් බිලියන පහකට වැඩි ලාබයක් ඉපයිමතත් මෙවර NDB බැකුව සමත් වී ඇත.





















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements