මාතර හෝටල් කාමරයකට වී කොකේන් ගහපු නිළිය සහ පාසල් සිසුවා රිමාන්ඩ් - නිලිය ගැනත් හෝඩුවාවක්
gossip
,
gossip lanka
,
hot news
,
News
මිරිස්සේ හෝටල් කාමර දෙකක් තුළ කොකේන් හා නාඳුනන ඖෂධ පෙති භාවිතා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් නිළියක් හා තරුණියන් තිදෙනෙකු ඇතුළු 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වත්තල පදිංචි රංගන ශිල්පිනියක වු ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙක් බව ගොසිප්99 වෙත වාර්තාවේ.
මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රි සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.එම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක් අඩංගු හදුනා නොගත් මත් පෙත්තක් පොලීසිය සොයා ගැණිනි.
අන්තර් ජාලයේ ෆේස් බුක් හරහා සම්බන්ධ වී ඇති ඔවුන් මාතර මිරිස්සේ හෝටලයක පැවති සාදයටට සහභාගීවී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.රාත්‍රීය පුරාවට පැවති එම පාටියට විදේශිකයින් ඇතුළු තරුණ තරුණියන් 1500ක පමණ පිරිසක් සහභාගිවී ඇති බවද සැකකරුවන් පිරිස ඒ අතරතුරදී විවේකයක් ගැනීමට ඉන් පිටතට පැමිණ ඇති බවද කියති.
කෙසේ වෙතත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක් අඩංගු හඳුනා නොගත් මත් පෙත්තක් පොලිසිය සොයා ගෙන ඇත. ඒ පිළිබඳ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාට ලැබුණු තොරතුරකට අනුව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මෙම වැටලීම සිදු කර තිබුණි.
ඒ වන විට අදාල රංගන ශිල්පිනිය ඇතුළු තරුණියන් තිදෙනා මත්වී අඩ නිරුවතින් සිටි බව පොලිසිය කියයි.

