ස්ථාන 27කට එකවර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් - බෝම්බ හැදුවේ "සාතන්ගේ අම්මා" දාල - NTJ සදහා අලුත් නායකයෙක්
gossip
,
gossip lanka
,
News
,
NTJ
පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරය සදහා යොදාගෙන තිබෙන පුපුරණ ද්‍රව්‍ය Triacetone triperoxide (TATP)) නම් අති ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම බලගතු පුපුරණ ද්‍රව්‍ය මීට පෙර LTTE සංවිධානය පවා භාවිතා කර නොමැත.
විශේෂයෙන් IS සංවිධානය සිය බෝම්බ නිෂ්පාදනය සදහා මේ යොදාගන්නා බවත් 2017 මැන්චෙස්ටර් , 2015 පැරිස් බෝම්බ ප්‍රහාර සදහා ද යොදාගෙන තිබූණේ මෙම පුපුරණ ද්‍රව්‍ය බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි. gossip
Is සංවිධානය මෙම පුපුරණ ද්‍රව්‍ය නම් කරන්නේද "සාතන්ගේ අම්මා" යන නමින් බවත් එයින් මෙහි ඇති තීව්‍රතාව තේරුම් ගත හැකි බවත් සදහන් කරයි.
එසේම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා බෝම්බ නිෂ්පාදනය කිරීමට නම් විශේෂඥ දැනුමක් අත්‍යවශ්‍ය බවත් ඒ අනුව බෝම්බ නිෂ්පාදනය සදහා විදේශීය ත්‍රස්තවාදීන්ගේ සහය ලැබී ඇති බවක් නිරීක්ෂණය වන බවයි.
ස්ථාන 27කට එකවර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්
බෝම්බ ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවකුගේ ප්‍රකාශයක් අනූව යාපනය පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම හමුවේ සැකකරුවා සදහන් කර ඇත්තේ කොළඹ නගරයේ පමණක් නොව යාපනය සහ මන්නාරම ඇතුළුව ස්ථාන 27කට එකවර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් තිබූ බවය.
ඒ අනුව ආරක්ෂක අංශ සැකකරන්නේ යාපනය සහ මන්නාරම ප්‍රදේශ ආශ්‍රිත ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් තිබුණේ නම් බෝම්බ මෙන්ම බෝම්බකරුවන් ඒ වන විටත් එම ප්‍රදේශ වෙත ගොස් තිබිය යුතු බවය.
මෙහිදී යාපනය - කොළඹ A9 ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ග බාධක යොදා මෙම විශේෂ මෙහෙයුම දියත් කර ඇති අතර ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ බුද්ධි මෙහෙයුමක් ද දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.
NTJ සදහා අලුත් නායකයෙක්
ප්‍රහාරයෙන් පසුව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙස නවුෆර් මවුලවි පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු හිටපු NTJ හී හිටපු නායක සහාරාන් හෂීම් ගේ නෑදෑයකු වන බවත් වාර්තා වෙයි.
සහාරාන් ශැන්ග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයෙන් ඝාතනය වී ඇති බවත් ආරක්ෂක විමර්ශන කණ්ඩායම් සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි.
මෙහිදී ඉන්දීය බුද්ධි වාර්තා මෙන්ම ඉන්දීය සම්බන්ධතා ගැනත් ඉන්දීය හින්දුස්තාන් පුවත්පතතේද සදහන් වෙයි.
එසේම ජලාල් අල්කුයිල් ටාල් මෙම දෙවැනි ප්‍රහාරය සදහා නායකත්වය දෙනු ඇති බවත් වාර්තා වෙයි.

