Advertisement

කල්පිටිය - පල්ලිවාසල්තුරේ සහ තිහලි යන ප්‍රදේශ වල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 05 දෙනෙකුව අවි ආයුධ සහ ලියකියවිලි සමග අත්ඩංගුවට ගැනීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමත්වී ඇත.

පසුගිය 28 වැනිදා දවස පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

පල්ලිවාසල්තුරේ ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකු සතුව තිබී කැලෑ නිල ඇදුම් වලට සමාන ටී ෂර්ට් එකක් තිබී ඇත. අනෙක් සැකකරු සතුව තිබූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට අයත් ලියකියවිලි තොගයක්ද සෝදිසි මෙහෙයුම් කරන ලද නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

තිහලි ප්‍රදේශය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු සතුව තිබී බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක්ද එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ 61 ක්ද සෝදිසි මෙහෙයුම් සිදු කරන ලද නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

සැකකරුට නිකුත් කර ඇති ගිනි අවියේ බලපත්‍රයට අනුව ළග තබා ගත හැක්කේ ජීව උණ්ඩ 40 ක් පමණක් වන නමුත් ඔහු සතුව වැඩිපුර ජීව උණ්ඩ 21 ක් තිබූ බව මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් සදහන් කරයි. තවත් සැකකරුවෙකු සතුව තිබී කඩුවක්ද, අනෙක් සැකකරු සතුව තිබී බලපත්‍රය කල් ඉකුත් වූ බෝර 12 ගිනි අවියක්ද, ජීව උණ්ඩ02 ක්ද සෝදිසි මෙහෙයුම් වල නිරත නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. 

සැකකරුවන්ද ඔවුන් සතුව තිබූ අවි ආයුධ සහ ලියකියවිලි වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
සහරාන්ගේ කල්ලියේ කල්මුණේ නායකයා ලෙස කටයුතු කළ කල්මුනේ සියාම් නමැත්තා සමගින් සහරාන්ගේ ගෝලයින් පස් දෙනකු රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර නිලධාරීන් විසින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම කල්මුණේ සියාම් 19 වැනිදා අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් විමර්ශනය කරන ලදී. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණුු තොරතුරු මත ඊයේ පාලමුනේ ප‍්‍රදේශයේ ළි`දකට දමා තිබූ සීඞී පට 31 ක් ද සොයා ගන්නට පොලිසියට හා අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකි වූහ.
මේ සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ ප්‍රධාන සැකකරුගේ බිරිය මාවනැල්ලේ, මුරුතවෙල ප්‍රදේශයේ නිවෙසක සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බළකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම වෙනුවෙන් ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව පොලිසිය පවසයි.

ෆාතිමා අත්අඩංගුවට ගැනීම හා ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මාවනැල්ල, මුරුතවෙල පදිංචි මවත්, පියාත් ආරක්‍ෂක අංශවලින් ලබාගත් තොරතුරුත් අනුව ෆාතිමාගේ අත්අඩංගුවට ගැනීම හරහා හෙළි වූ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට හැකිව තිබේ.
තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික්
ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා

තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයෙන් මෙම ස්ථානය සොයාගෙන ඇති අතර එහි තිබී ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිඩ් පිරවූ බූලියක් ද සොයාගෙන තිබෙනවා.
තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. 04 වැනි පිටුවට

එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ.
කාත්තන්කුඩ් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 24 වියැති පුද්ගලයෙකු හෙලිකළ තොරතුරු අනුව සිදුකළ විමර්ශනයකදී තව්හිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකකෙරෙන පුහුණු කඳවුරක් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පසුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබේ.

බෝම්බකරුගේ බාල සහෝදරයා සහ සහෝදරිය මෙලෙස හසුව ඇත. සැකකාර 20 හැවිරිදි සහෝදරයා පානදුර ගුවන් නියමු පාසලක පුහුණුව ලබා ඇති අයකු වන අතර 23 හැවිරිදි සහෝදරිය මෝදර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරන්නියක බවද අනාවරණයවී තිබේ.
මාවනැල්ල බුදු පිළිමයට හානි කළ සහෝදරයන් දෙදෙනා සැඟව සිටි ගම්පොළ පාවහන් වෙළෙඳ සැල හිමි ඔවුන්ගේ මාමා වන අබ්දුල් ජබාර් නැමැත්තාගේ නිවස අසල කුලියට පදිංචිව සිටි තවත් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානයට අයත් යැයි සැක කෙරෙන රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන් සහ විවිධ වීඩියෝ දර්ශන ඇතුළු රහස්‍ය ලියකියවිලි රැසක් සමග මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ළඟ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්ද යුද හමුදා කැලෑ ඇඳුම් හැඳ පිස්තෝලයක් අතේ තබා ගනිමින් ගත් ඡායාරූප දෙකක්ද සොයාගෙන ඇති අතර, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සියලු සාමාජිකයන්ට ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් දෙන ලද හඬ පටයක්ද තිබී සොයාගෙන තිබෙනවා.
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නැමැත්තාගේ සැලසුම වුණේ පළාත් නවයේම එකවර මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් එල්ල කිරීමට බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

එම සැලසුම ව්‍යර්ථ වී ඇත්තේ එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් දෙදෙනෙක් වන මාවනැල්ලේ පදිංචිකරුවන් වන සාදික් සහ ෂාහිඩ් යන සහෝදරයන් දෙදෙනා අවසාන මොහොතේ ඊට විරෝධය දැක්වීම බවද වාර්තා වනවා.

ගම්පොළ පිහිටි පාවහන් වෙළෙඳසලක සැඟවී සිටිය දී පොලීසිය පෙරේදා (28 ) අලුයම අත්අඩංගුවට ගත්තේ එම සහෝදරයෙන් දෙදෙනායි.
තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා මොහිදීන් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලීසිය මගින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තවාදී සවිධානයක් වන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ කොළඹ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් පවාස් නැමැත්තා කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊ‌යේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
තව්හිද් ජමාත් සංවිධාන බොහෝ ප්‍රමාණයක් රට තුළ තිබෙන බවත් මේ ප්‍රහාරයේ සැලැසුම්කරුවකු සේ සලකන සහරාන් නම් පුද්ගලයාගේ යැයි පෙන්වන රුව මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පෙන්වුවත් තමන් හඳුනන පුද්ගලයාගේ රුව හා ඒ රුව අතර අසමානකමක් පවතින බවත් ඔහු මිය නොගියේ යැයි සිතා ඉදිරි කටයුතු සිදු කළ යුතුව ඇති බවත් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි. තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියයි.
පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරය සදහා යොදාගෙන තිබෙන පුපුරණ ද්‍රව්‍ය Triacetone triperoxide (TATP)) නම් අති ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම බලගතු පුපුරණ ද්‍රව්‍ය මීට පෙර LTTE සංවිධානය පවා භාවිතා කර නොමැත.

විශේෂයෙන් IS සංවිධානය සිය බෝම්බ නිෂ්පාදනය සදහා මේ යොදාගන්නා බවත් 2017 මැන්චෙස්ටර් , 2015 පැරිස් බෝම්බ ප්‍රහාර සදහා ද යොදාගෙන තිබූණේ මෙම පුපුරණ ද්‍රව්‍ය බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි. gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements