Advertisement

පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ තඹ ව්‍යාපාරික මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇති බව වාර්තාවේ.

ඔහු මෙවැනි දෙයක් කරන්නට යන බවට බිරියට පවා සඟවා තිබූ අතර සැම්බියාවට යන බව පවසා සිකුරාදා නිවසින් පිටත්ව ගොස් තිබුණි. කුලුබඩු ව්‍යාපාරික යුසුෆ්ගේ පවුලේ පුතෙකු වන ඉන්සාෆ් සහෝදරයින් 8 ක් හා සහෝදරියන් 3 දෙනෙකුගේ පවුලකට අයත්ය. ඔහු මහනුවර හා දෙමටගොඩ නිවෙස් දෙකේ වරින්වර ජීවත්විය.ඉන්සාෆ් අහමඩ්ට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇති අතර ඔහුට අයත්ව තිබූ වැල්ලම්පිටියේ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 450ක වත්කම් ඔහුගේ දරුවන් සිව් දෙනෙකුට තැගි ඔප්පුවක් මගින් ලබාදී ඇති බවත්, ඔහු සහ මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉල්හාම් මොහොමඩ් නැමැත්තන්ට අයත් කොළඹ ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 100ක් වටිනා දේපල සහෝදරයෙකුට පවරා ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

ඉන්ෆාස්ට අයත් රුපියල් ලක්ෂ 500ක් වටිනා ඉඩමක් සහ මාතලේ පිහිටි ලක්ෂ 110ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගම් 02කට ලබාදී ඇත.

ඔහු මෙම සියලු දේපල ප්‍රහාරයට සති 3 කට පෙර පවරා තිබීමද විශේෂත්වයකි. ඔහු මේවා නීතීඥයෙකු මගින් පවරා ඇත්තේ මාර්තු මස 29 වැනිදා සහ අප්‍රේල් පළමු වැනිදා යන දිනවලයි.

මීට අමතරව ඔහු සතු ජංගම දුරකතන සහ ලැප්ටෝප් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඔහු යටතේ සේවය කළ සේවකයින් දෙදෙනෙකුට ලබාදී ඇති බව වාර්තා විය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements