Advertisement

පොලිසියේ ඉහළම තනතුරක් දරන නිලධාරියකුගේ ඥාති පුත්‍රයෙකු වන තරුණයෙකු මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාවකින් සැරසී පෙරේදා (23) රාත්‍රියේ වත්තල, හැඳල ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී එහි සේවකයන් විසින් අල්ලා පහරදී වත්තල පොලිසියට භාරදී ඇතැයි ඉහළ පෙලේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තරුණයා ඉංජීනේරුවරයෙකු බවත් මුස්ලිම් තරුණියක ලෙස 
මෙසේ වෙස්වලාගෙන ගොස් ඇත් සිය පෙම්වතිය බව කියන තරුණිය බැහැදැකීමට යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තරුණියගේ මවුපියන් තමාගේ මෙම සම්බන්ධතාවයට අකමැති නිසා පෙම්වතිය හමු වී කතා බහ කිරීමට කාලයකින් අවස්ථාවක් නොලැබුණ නිසා පෙම්වතියගේ මුස්ලිම් ජාතික යෙහෙළියක් ලෙස පෙනි සිටිමින් ඇය බැහැදැකීමට යාමට මෙවැනි උපක්‍රමයක් යොදාගත් බව එම තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

මෙම ඉංජිනේරු තරුණයා පොලිසියේ ඉහළම තනතුරක් දරන නිලධාරියකුගේ බිරියගේ සහෝදරියකගේ පුතෙකු බව පොලිසිය කියයි.

ජෝපෂ්ඨ පොලිස් නිලධාරියෙකු හෙළිකළ ආකාරයට සිද්ධිය මෙසේය.

බුර්කාවකින් සැරසී පැමිණි මුස්ලිම් තරුණියක වත්තල හැඳල ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ බීම බෝතලයක් මිලදී ගෙන ඇත.

බීම බෝතලය පානය කිරිමට මුහුණු ආවරණය තරමක් ඉවත්කළ අවස්ථාවේ මුහුණේ රැවුල තිබෙන අයුරු සේවකයකු දැක බලවත් සැකයක් ඇතිවී මේ බව හෝටලයේ සිටි අනෙක් අයටද දැනුම්දී බුර්කාවකින් සැරසී සිටි තැනැත්තා අල්ලා පරික්ෂාකර බලා තිබේ.

බුර්කා එකකින් සැරැසී සිටීම නිසා හෝටල් සේවකයා ඒ ගැන දැඩි විමසිල්ලකින් පසුවී ඇති බව කියයි. බුර්කාවකින් සැරසී සිටින්නේ පිරිමි අයෙකු බවට හෙළිවීමෙන් පසු ඔහුට හොද හැටි පහරදී මේ බව වත්තල පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. මෙම පොලිස් ස්ථානයට කැඳවාගෙන ඇවිත් ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් තරුණියක ලෙස වෙස්වළාගෙන සිටීමට හේතු හෙළිවුණු බවපොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය/ සරත් චින්තක)





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements