Featured News

Video Gossip

Advertisement

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මීට වසර 4කට පෙර කංජිපානි ඉම්රාන් වන තමා හඳුනාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය, කංජිපානි ඉම්රාන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබේ.

මාකඳුරේ මධූෂ් සංවිධානය කළ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන කංජිපානි ඉම්රාන් තව දුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර මෝදර ප්‍රදේශයේ වෙඩිතැබීම් සිදුකිරීම සම්බන්ධව ද කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පවසයි.

ඩුබායි අත්අඩංගුවේ පසුවී මෙරටට පිටුවහල් කිරීමෙන් පසු පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් 50 හැවිරිදි පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් යන අයගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැත්තා මුදාහර තිබේ. 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩ් නැමැත්තා අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්ක ඇත. එම සැකකරු කංජිපානි ඉම්රාන්ගේ බිරිඳගේ සහෝදරියගේ පුත්‍රයා බව පැවසේ.

කෙසේ වෙතත් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති අතර ඉන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements