Featured News

Video Gossip

Advertisement

ඉක්මන් ජනපතිවරණයකට සූදානම් වීම සඳහා අප්‍රේල් 22 වැනිදා සවස දෙකට එජාපෙ සියලුම ආසන සංවිධායකවරුන් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයට කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම හමුවේ දී පක්ෂය සංවිධානය කිරීමේ ගැටලු පිළිබඳව සහ එජාපයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ දුරට සාකච්ඡා වනු ඇති බව දැනගන්නට ලැබේ.

සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන් අතර පවතින ගැටුම්කාරී තත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නේ නම් එම වේදිකාවට සෑම පාර්ශ්වයක්ම එක්කර ගැනීම සඳහා උචිත වන සටන් පාඨ යොදා ගැනීමට ඊට පෙරමුණ ගෙන සිටින සිවිල් සංවිධාන තීරණය කර ඇති බව රාවය පුවත්පත වාර්තා කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ එක්කර ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන විසිවන සංශෝධනය සම්මත කර ගන්නා බවට වන සටන් පාඨයක්ද ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇතැයි ද එහි දැක්වේ.

ඊට අමතරව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බව පවසන හෙළ උරුමය වෙනුවෙන් මහ මැතිවරණයෙන් ජයගන්නා පක්ෂය පිහිටන ආණ්ඩුව ස්ථාවර කිරීම සඳහා අමතර මන්ත්‍රීධූර 6ත් 8ත් අතර සංඛ්‍යාවක් ලබා දීමට ද සියලු බලතල අහෝසි නොකර පළාත් සභා විසුරුවාවීම වැනි බලතල ජනාධිපතිවරයාට ඉදිරි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද ඔවුන් තීරණය කර ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

කරූ ජයසූරිය මහතා එජාපයෙන් ඉල්ලා අස්විය යුතු බවට ද කොන්දේසියක් ඉදිරිපත් වී ඇති අතර ඔහු පොදු අපේක්ෂකයා ලෙස තරගවැදීමට නම් පොදු ලකුණකින් තරග කළ යුතු බවට ද එහිදී යෝජනා වී ඇති බව පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements