Advertisement

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා ඉවත් කර කණිෂ්ට පුහුණුකරු තනතුරකට දමා ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඔහු 'නැගී එන පිළ' ලෙස හැඳින්වෙන කණ්ඩායමක පුහුණුකරුවා ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්කර ඇත.

ශ්‍රී ලංකා 'ඒ' පිලේ මේ දක්වා සිටි සාර්ථකම පුහුණුකරු ලෙස පැවසෙන අවිශ්ක ගේ පුහුණුව යටතේ පසුගිය තුන් වසර පුරාවටම ක්‍රීඩා කළ සියලු තරග ජයගැනීමට එම කණ්ඩායම සමත් වූ අතර, බටහිර ඉන්දීය කොදෙව්, බංගලාදේශය හා එංගලන්තය යන රටවල 'ඒ' කණ්ඩායම් වලට එරෙහිව තරග කළ තරගද මීට ඇතුළත් විය.

ශ්‍රී ලංකා 'ඒ' පිලේ පුහුණුකරුගේ නිලය දෙවැනි වන්නේ ශ්‍රී ලංකා ජාතික පිලේ පුහුණුකරු තනතුරට පමණක් වුවද, අවිශ්ක යනු මෙරට සිටින අවම ගෙවීමක් ලද පුහුණුකරුවෙකි. මාධ්‍ය විසින් පසුගිය කාලයේ හෙළි කළ දත්ත අනුව ශ්‍රී ලංකා ජාතික පිලේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හට මොහුට මෙන් විසි ගුණයක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණි.

මේ ආකාරයෙන් අවිශ්කව හදිසියේ ඉවත්කිරීමට බලපා ඇත්තේ පසුගියදා අවසන් වූ සුපිරි පළාත් තරගාවලියේදී සී.සී.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ඉවත් කිරීමෙන් අනතුරුව බව පැවසේ. අවිශ්ක විසින් මෙම ක්‍රීඩකයා ඉවත් කර ඇත්තේ ඔහුගේ අසතුටුදායක ක්‍රීඩා විලාසය හේතුවෙනි.

කෙසේවෙතත්, සී.සී.සී. ක්‍රීඩා සමාජයේ ඉහළ තනතුරක් දරණ, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධානතම නිලධාරියෙකු විසින් මේ හේතුවෙන් කුපිත වී ඇති බවත් ඒ අනුව, අවිශ්ක ව ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කර ඇති බවත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම වෙනස්වීම සිදුකර ඇත්තේ ඉන්දියාවට එරෙහිව මැයි 20 දා තරගාවලියක් ආරම්භ වීමට නියමිතව තිබියදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements