Advertisement

පසුගිය 26 වනදා රාත්‍රියේ කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ ඉස්ලාම් අන්තවාදීන් රැඳී සිටි නිවස්නයක් තුළ ඔවුන් සිදුකරගත් පිපිරිමෙන් පසු එම නිවසේ කල සෝදිසියේදී ජීවිත හානියකින් තොරව හමුවූ කුඩා දැරිය සහ එම දැරියගේ මව පසුගිය 21 ප්‍රහාරයේ සැලසුම්කරුවා ලෙස සඳහන් ජාතික තවුහීත් ජමාද් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන මොහෙමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා බව ඔහුගේ සහෝදරියක වන මොහොමඩ් හසීම් මතානියා විසින් සඳහන් කළ බව රෝයිටර් පුවත් සේවය සඳහන් කරයි.

මෙම දෙදෙනා හඳුනාගෙන ආරක්ෂක අංශ වෙත ප්‍රකාශයක් ලබා දිම සඳහා තමන්ට කල්මුනේ ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා ඇති බවද ඇය රොයිටර් සේවයට ප්‍රකාශ කර ඇත.

එම නිවස්නයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා සහරාන්ගේ බිරිඳ , දරුවා , පියා වන මොහොමඩ් හෂීම් සහ සොහොයුරන් වන රිල්වාන් හා සායින් හෂීම් මෙලෙස මියගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ. බව සඳහන් කරන ඇය මීට පෙරද එනම් 21 ප්‍රහාරයෙන් පසුවද ආරක්ෂක අංශ වෙත කටඋත්තරයක් ලබාදී තිබූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර 21 ප්‍රහාරයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙස මරණයට පත්වූයේයැයි සඳහන් මොහෙමඩ් සහරාන් සමග පසුගිය 26 වනදා කල්මුනේ නිවස්නය තුළ බෝම්බ පුපුරවාගෙන ජීවිතක්ෂයට පත්වූවෙකු සමග ගන්නා ලද ඡායාරූපයක්ද රොයිටර් පුවත් සේවය ප්‍රසිද්ධ කර තිබේ.

සහරාන් නැමැත්තා ජීවිතක්ෂයට පත්වූවේ යැයි සඳහන් වුවද ඔහු ජීවතුන් අතර සිටින බවටද මේ වනවිට මත පලවෙමින් තිබෙන බැවින් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සැක පල වී තිබේ.

මෙම ඡායාරූපය පසුගිය 21 ප්‍රහාරයෙන් පසුව ගන්නා ලද ඡායාරූපයක්ද එසේත් නැත්නම් ඊට පෙර ගන්නාලද ඡායාරූපයක්ද යන්න තවමත් තහවුරු වී නැත.

රොයිටර් - reuters






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements