සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා සිය කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඉවත් වීමට අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇති වනවා.
නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට ලබාදී වර්තමානයේ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වයෙන් රට ගලවා ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.
එහෙත් කැබිනට් අමාත්‍ය තනතුරු වැඩි කළ නොහැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඒ අනුව තමන් ඉවත්ව සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා.

