Featured News

Video Gossip

Advertisement

2010 – 2014 කාලය තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායට අයත් මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩුව අද(29) කොළම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අතර එහිදී නඩු විභාගය ජූලි මස 11 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

එසේම මෙම නඩුවට අදාලව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ විභාග වූ අතර එහි තීන්දුව ලබන ජූනි මස 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එතෙක් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් එබැවින් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා ප්‍රකාශ කර ඇත.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය ලබන ජූලි මස 11 වැනිදා නඩුව කැඳවීමට නියෝග කලාය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ද නම් කර ඇත.

ඊට අමතරව සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඇය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements