Featured News

Video Gossip

Advertisement

අනන්‍යතාවය තහවුරුකර ගැනීමට නොහැකි ඇදුම් ඇදීම තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ප්‍රචාරණයවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන් ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ වු බවට පවසමින් විවිධ විවේචන සිදු කරමින් පවතන බවයි.

මේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

"අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉදිරියට ඇති නොවෙන විදිහට අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම අපිට පැවරිලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්නවා .

ඒ අතරවාරයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.ඒ අවස්ථාවේදී මොනම හේතුවකින්වත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ.

අග්‍රාමාත්‍යතුමාගේ අදහස වුයේ සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්න පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියලා.

ඒ අනුව ඒ කටයුතු මා විසින් කරන්නට යෙදුනා.නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් අගමැතිතුමා මුදල් ඇමතිතුමා දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්නට උත්සාහ කරනවා.

මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා.අගමැතිතුමා ඉතා පුළුල් විදිහට කල්පනාවෙන් වැඩ කරලා නායකයෙක් හැටියට අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ තීරණ ගන්න කොට ඒ අදාළ අයට දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සළකන නිසයි එතුමා ඒ විදිහට සදහන් කළේ කියන එක මම වගකීමක් ඇතිව කියනවා"

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements