Featured News

Video Gossip

Advertisement

පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ. 

”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වේ. මෙම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇත. 

”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වේ. 

රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කළහ. 

”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය. 

ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවේ. අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත. 

කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවිණ. ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිති. 

ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි. කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගන්නා ලදි. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ ඉවත් කරන ලදි. එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙයි.

lankadeepa

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements