ඩෙන්මාර්කයේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsen ගේ දරුවන් තිදෙනෙකු ඊයේ(21) කොළඹ සිදුවූ ප්‍රහාරයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරයි.
Anders Holch Povlsen ගේ වැඩිමහල් දරුවන් තිදෙනා මෙරට නිවාඩුවක් සඳහා පැමිණ ඇති අවස්ථාවේ මෙම ප්‍රහාරයට ගොදුරව තිබේ.
ඔහු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වන අතර ඩෙන්මාර්කයේ දෙවැනි වැඩිම ඉඩම් හිමියා මෙන්ම ධනවත්ම පුද්ගලයා ලෙස සැළකේ. එසේම ඔහු එංගලන්තයේ පිහිටි ASOS නැමති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාර ජාලයේ වැඩිම කොටස් හිමියා ද වේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ Povlsen පවුල ඩෙන්මාර්ක වංශාධිපතියන් වන බවය.
කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිද්ධියට ඔහුගේ වැඩිමහල් දරුවන් තිදෙනාම ගොදුරුව ඇති අතර එය සැළවීමෙන් පසු ඉන්දියාවේ නවදිල්ලි නුවර ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.


