Featured News

Video Gossip

Advertisement

කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා ලබා දුන් තොරතුරු වාර්තාවක් ගැන ජයාරූප කිහිපයක් ලැබී තිබෙනවා. ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවට වන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය විසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මෙම ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වන බවට සැකකරන පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකිරීමට සුදානම් ප්‍රහාරයන් ගැනද තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

එම බුද්ධි අංශ වාර්තාවන්ට අනුව සහාරන් හාෂිම්, ජාල් අල් කුයිතාල්, රිල්වන්, සජිඩ් මවුලවි, ශාහිඩ් සහ මිල්හාන් හා ඔහුගේ අනුගාමිකයින් පිරිසක් මෙම ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සුදානම්ව ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.මෙම පිරිස විසින් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, ගිනි අවි යොදා ගනිමින්, තියුණු ආයුධ සහ වාහන යොදා ගනිමින් ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි විදෙස් බුද්ධි අංශයක් විසින් දැනුම් දී ඇත්තේ.

මෙම දැනුම් දීමට අදාළව මෙරට බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර ඔහු විසින් ඉකුත් අප්‍රේල් මස 11 වෙනිදා අදාළ තොරතුරු සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ මගින් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදී තිබෙන බව සඳහන්.කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය තුලදී සිදුවූ බෝම්බ පිපිරිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් එය සහාරන් හාෂිම් විසින් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය පවා කරුණු වාර්තා කර සිටියා.

මේ අතර කොළඹ, මඩකලපුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් කල් තියා ලද බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමක් සිදු කළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබුනද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවයි අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් කොළඹදී දේශපාලඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් පවතින බව මිට සතියකට පෙර තම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හට ඔවුන්ගේ කොට්ඨාෂ ප්‍රධානින් විසින් දැනුම් දී තිබු බවට අමාත්‍ය මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. මේ අතර සති තුනක පමණ කාලයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිය පියා විසින් කොළඹ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින් අද දිනයේදී දේවස්ථානයට නොයන ලෙස ඊයේ දිනයේදී දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

තමන්ට එම දුරකථන ඇමතුම ලැබෙන විට බදුල්ල ප්‍රදේශයේ සිටිය බවද පසුව අද දිනයේදී කොළඹට පැමිණ සිය පියා මුණගැසීමට රෝහලට ගිය අවස්ථාවේදී මේ ප්‍රහාර සම්බන්ධ තොරතුරු ලැබුනේ කෙසේද යන්න විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබදව බුද්ධි අංශ කල් තියා දැනුම් දී තිබු බවට තමන්ට තොරතුරු ලද බවයි.

නෙත් නිවුස්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements