Featured News

Video Gossip

Advertisement

බිම දමාගෙන බෙල්ල පාගා අමුනුෂික ලෙස තමනට ගහන අයුරු දැක්වෙන වීඩියෝව ගැන නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අදහස් පල කරයි.

සිය මුහුනු පොතේ ගිණුමේ ඇය විසින් තබා ඇති දීර්ඝ සටහන මෙසේය…

මේ රටේ මිනිස්සු හරි පුදුමයි.. මුළු රටක් එකට එකතු වෙලා විරුද්ධව නැගී ඉදල නීතියට රපෝර්තු කල යුතු ගැහැනිය කට පහරදීමක් , ගුටි කන ගැහැනිය වචන වලින් ආයි ආයි මරා දමමින් දවස් දෙකක් තිස්සෙ රස වින්දා..

මට මං ගැනම කලකිරීමක් ඇති වුනා..ඒ .. ඇයි මං මේ වීඩියෝව ගුටි කාපු දවසේම කරපු එවුන්ගෙන් ඉල්ලගෙන සමාජ ගත නොකලෙ කියල.. ඒත් මට එදා හේතු තිබුනා.. මං අවුරුදු ගාණක් ආදරෙන් දුක සැප හොයල බලපු,ඔහුගෙ කරදරේදි ,ලෙඩ දුකේදි බලපු , ආදරෙන් සනසපු පිරිමිය ඒ..

මගෙ හදවත ඉඩ දුන්නෑ ඒ ආදරය නීතිය ඉස්සරහට අරගෙන ගිහිං , පහරදීල , හිරකරල අනාගතේ විනාශ කරන්න..මං ඒ වෙනුවට ඔහුගෙන් හිත දැඩි කරං ඔහුගෙන් ඉවත් වුනා.. මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙන ගමන් ඔහු එය වීඩියෝ ගත කලා..ඒ පහුගිය සැප්තැම්බර් මාසයේ දිනෙක.. දිට්ඨ දම්ම වේදනීය කර්ම්‍ය පල දෙන්නෙ හරි අපූරු විදිහට..

වීඩියෝව ඔවුන්ගෙ අතින්ම ලීක් වෙලා.. වීඩියෝව දැකපු පිරිමි කොටසක් මේකිට ගහල මදි කිව්ව..මං හිතන්නෙ උං ගෙදර ගෑනිට ගහන උං කොටසක් පොදු භාන්ඩ වලට අත නොතබනු කිව්ව..මට අනුව උං ගෙදර ගෑනි ඉන්දැද්දි වටේ යන උං කොටසක් මං වෙනුවෙන් දුක් වුනා ඒ තමන්ගෙ අම්මගෙ කිරි සුවද තාමත් අදුරන උං වීඩියෝව දැකපු ගැහැනු කොටසක් ගෑනු නම්බුකාර විදිහට හැසිරෙන්න ඕනෙ කිව්ව..මට දැනෙන විදිහට උං උංගෙ පිරිමිංගෙන් ගුටි කන්න ඉතා ලග උං.

මගේ පසුතැවිල්ල ඔබල වෙනුවෙන්..මට ඕගොල්ලො සටන් කරන්නෙ මොකටද කියල පැහැදිලි වුනේ දැං..මට මේ ව්දිහට රහසේ ගුටි කන කාන්තාවො වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තිබ්බෙ එදා..ඒ ඔවුන් වෙනුවෙන්..ඔබ වෙනුවෙන්..මම වෙනුවෙන්..අපි වෙනුවෙන්… මං වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ..දුක් වෙච්ච ..අපහාසයට පත් වෙච්ච සියළු ගැහැනු න් ට පිං!

මට බැන්න ගැහැනුන්ට..’ නංගියේ අක්කේ.. ‘පිරිමි විෂමාකාරයි..ගණුදෙනු ව පරිස්සමෙන් ..අද මට ගැහුව ..හෙට ඔබට විය හැකියි.. රංජන් රාමනායක ඇමති තුමා හරශද සිල්වා ඇමතිතුමා ගිහානි වීරසිංහ ස්තුතියි මා වෙනුවෙන් අකුරැ කිරිම.මගේ යහලු යෙහෙලියන් ආදරනිය රසික රාසිකාවියන් සියලු දෙනාටම සුතුති.

අපේ දස්සගෙ ආදරය හංසි ස්තුතියි ඔයාගෙ එඩිතර කමට.. මං දරුව සමග තනිවුන ගැහැනියක්..ඒ වගේ ගැහැනු තව ගොඩක් ඇති..ඕගොල්ලො රහසේ ආදරයක් හිංද ගුටි කනවනම් ..දුක් විදිනවනං..හැමදාම අඩනවනං..ඒ ආදරය අපිව මරා දමන්න කලිං අත් හරින්න..

ඕගොල්ලන්ගෙ ආදරණීය පියුමි

– Piumi Hansamali FB




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements