Featured News

Video Gossip

Advertisement

තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේය.

ගුවන් තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට එහිදී හැකි වු බවයි.

කෙසේවෙතත් විවිධ අංශවල බලපෑම් ඇතිව තිබෙන බැවින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් වීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක් උද්ගත වී තිබෙන අතර ඇමරිකාවේ පවරා ඇති නඩු කටයුතු අවසන් වන තෙක් මෙරට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements