Featured News

Video Gossip

Advertisement

2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇති බව වාර්තා වෙයි.ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද වාර්තා වෙයි. කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි….

දිමුත් කරුණාරත්න (නායක) / ලසිත් මාලිංග / ඇන්ජලෝ මැතිව්ස් / තිසර පෙරේරා / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / ඉසුරු උදාන / මිලින්ද සිරිවර්ධන / අවිෂ්ක ප්‍රනාන්දු / ජීවන් මෙන්ඩිස් / ළහිරු තිරිමාන්න / වනිඳු හසරංග ද සිල්වා / කසුන් රජිත / සුරංග ලක්මාල්

නමුත් සමාජජාලා ඔස්සේ ප්‍රචාරය වන පූචාරයන්ට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය Facebook පිටුව ඔස්සේ පූතිචාර දක්වා තිබුනා. ඒ් ‌‌‌‌මෙසේය.... 

වේල්සයේ සහ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා කරන ක්‍රිකට් කණ්ඩායම් තේරීම පිළිබඳව කරුණු කිහිපයක් නිරවුල් කිරීමට අදහස් කරමි.

පළමුව සඳහන් කළ යුත්තේ ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා අමාත්‍යවරයා කිසිදු අයුරකින් මැදිහත්වීමක් නොකරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මුදල් ගෙවා සේවය ලබාගන්නා තේරීම් කාරකවරුන් අපට සිටිති. තේරීම් කටයුතු සිදු කෙරුණු පසුව, එය අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කෙරේ. කණ්ඩායම් නායකයා සහ අනෙකුත් සියලු ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු කරන්නේ මේ තේරීම් කාරක වරුන්‍ ය.

දිමුත් ශාන්ත ජෝෂප් විදුහලේ ආදි සිසුවෙකු වීම ඔහුට කණ්ඩායම් නායක පදවිය හිමිවීම කෙරෙහි කිසිදු අයුරකින් බලපා නැත. ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සම්බන්ධද මෙයම කිව යුතුය.

මේ තේරීම් ක්‍රියාවලිය සම්බන්ධව නොයෙක් පුද්ගලයන් ආගම සහ වෙනත් අදාළ නොවන දේ ඈඳාගනිමින් සිටීම අවාසනාවන්ත තත්වයකි. බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වන්නේ දිමුත් කරුණාරත්න ශාන්ත ජෝෂප් විදුහලේ ආදි සිසුවෙකු වුවද, හොඳ බෞද්ධයෙකු බවය.

ක්‍රීඩාවේදී කෙනෙකුගේ ආගම හෝ වෙනත් එබඳු කාරණා අදාළ නොවන බව මම තරයේ විශ්වාස කරමි. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පසුගිය මාස කිහිපය කටයුතු කිරීම ඔස්සේ මා අවබෝධ කරගත් කරුණ වන්නේ, කණ්ඩායම් තරඟ සාර්ථක වන්නට නම් අවශ්‍ය වැදගත්ම දෙය වන්නේ, සියලු දෙනා කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමයි..

මේ වගකීම දිමුත් හට ලබා දී තිබෙන්නේ තේරීම් කාරකවරුන් වන අතර, වත්මන් කණ්ඩායම තමන්ගේ උපරිම හැකියාව යොදා තරඟ කරනු ඇති බවට මම විශ්වාස කරමි.

අපට හැකියාවන්ගෙන් හෝ කුශලතාවයන්ගෙන් අඩුවක් නොමැත. අප ජයග්‍රහණය කරා යොමු කරනු ඇත්තේ ආත්ම විශ්වාසය සහ කැපවීමෙන් කටයුතු කිරීමයි. අවාසනාවකට මේ අවස්ථාව ජීවිත කාළයක් සඳහා ලැබෙන්නේ මිනිසුන් 15 දෙනෙකුට පමණි. ඔවුන් අපට සාධාරණයක් ඉටු කරනු ඇතැයි පතන අතර, පුරවැසියන් වශයෙන් අපට කළ හැක්කේ ඔවුන් වටා රොක්වීම සහ ඔවුන්ට සහාය දීම පමණකි.

මට පෙර මෙම තනතුර දැරූවන් කළ පරිදි, තේරීම් කටයුතු වලට මැදිහත් වීම මගේ ක්‍රමය නොවේ. කණ්ඩායමේ ජය ගැන මට බලවත් විශ්වාසයක් පවතින අතර, මා ඔවුන්ට හද පතුළෙන්ම ජය සහ වාසනාව ප්‍රාර්ථනා කරමි.

අප අපගේ උපරිම හැකියාව ප්‍රදර්ශනය කළ යුතුය. මම සෑමවිටම විශ්වාස කරන්නේ, හොඳම ක්‍රීඩකයෙකු හොඳම නායකයා වීම අනිවාර්ය නොවන බවත්, හොඳම නායකයෙකු හොඳම ක්‍රීඩකයෙකු වීම අනිවාර්‍ය නොවන බවත් ය. ක්‍රීඩා පිටියේ විවිධ වගකීම් පැවරුණු ක්‍රීඩකයන්11 දෙනෙකු සිටිනු ඇති අතර, සමාජ මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය කොපමණ විවේචනය කළත් අවසානයේදී සිදුවිය යුතු දෙය සිදු කරන්නේ මේ වෘත්තිකන්‍ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කාරකයන් කරන මෙහෙවරට මා ඔවුන්ට ස්තූතිය පුද කරමි. මෙතැන් සිට මාගේ කාර්ය භාරය වනුයේ කණ්ඩායමට සමීපව සිට, ලක්මවට අහිමි වූ ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨත්වය යළි ලබාගැනීමට ඔවුන් දිරිමත් කිරීමයි.

මා එළඹෙන තරඟ සඳහා කණ්ඩායමට සහ එහි කළමණාකාරීත්වයට සුබ පතමි... යනු‌වෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements