Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියනිය විසින් ගොනුකළ පැමිණිල්ල ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් විවෘත කර ඇතැයි බී.බී.සී. මාධ්‍ය ජාලය දක්වයි.

අදාල චෝදනා සම්බන්ධව සති තුනක් ඇතුළත පිළිතුරු ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමට හෝ හැකියාවක් ඇති බව, ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් පෙනී සිටින අදාල නඩුව පැවරූ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.

එම ක්‍රියාමාර්ග නොගන්නේ නම් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නොමැතිව නඩු කටයුතු ඉදිරියට සිදුවන බව එම මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයක තවත් තරුණයෙකු වදහින්සාවට ලක් කිරීම සම්බන්ධ නඩුවක් ගොනුකර ඇති බව ද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements