රිය අනතුරක් සිදු කර අධිකරණයට ගිය දිමුත් කරුණාරත්න සමාව අයදී - ලෝක කුසලාන නායකත්වය ගැනත් දිමුත් කියයි
කොළඹ දී වාහනයක් පදවමින් සිටින අතරවාරයේ වෙනත් වාහනයක ගැටීමෙන් එම වාහනයේ සිටි පුද්ගලයාට සුලු තුවාල සිදුවීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
සිදු වූ අනතුර සම්බන්ධයෙන් දිමුත් පවසා ඇත්තේ තමා අතින් අනතුරට ලක්වූ ත්‍රී රෝද රථ රියදුරාගෙන් පළමුව සමාව අයද සිටින බවත් අනතුරින් තුවාල ලබා රෝහල් ගතවි සිටි ත්‍රී රෝද රථ රියදුරා රෝහලෙන් පිටවී ගොස් ඇති බවත් දිමුත් එම සටහනේ බවසා තිබෙනවා.
මෙම අනතුර තමා අතින් සිදු වරදක් නිසා ත්‍රී රෝද රථ රියදුරුගේ අවශ්‍යතා සියල්ල වෙනුවෙන් දිමුත් ඉදිරියේදී කටයුතු සිදු කරන බවත් සඳහන් කර තිබෙනවා. තවද තමා අද උදෑසන අධිකරණයට වෙත ඉදිරිපත් වෙමින් ශ්‍රී ලංකා නීති ක්‍රියාවලිය පිළිපදිමින් අනුගමනය කළ බවත් දිමුත් එම සටහනේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
තමා අතින් සිදු වූ මෙම රිය අනතුර ශ්‍රී ලාංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් සිදුනොවිය යුතු ක්‍රියාවක් බව හොඳින් දන්නා බවත්, මෙම සිද්ධිය සඳහා ඔබ සියලු දෙනාගෙන් සමාව අයද සිටින බවත් දිමුත් කරුණාරත්න එම සටහනේ පවසා තිබෙනවා..එම සටහන පහතින්..
ඔහු ඒ අවස්ථාවේ බීමත්ව සිටි බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.
සිදුවීම සම්බන්ධයෙන් තමන් සඳුදා (අප්‍රේල් 01) අධිකරණය ඉදිරියේ පෙනී සිටි බව නිවේදනයක් නිකුත් කරමින් පවසන දිමුත් කරුණාරත්න, සිය හැසිරීම ජාතික ක්‍රීඩකයෙකුට නොගැලපෙන්නක් බව පිළිගන්නා අතරම ඒ ගැන ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තමන් පත් කළහොත් එම අභියෝගය භාර ගන්නා බවය.
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ටෙස්ට් පිල මෙහෙය වූ ආකාරයටම, එවන් අවස්ථාවක් තමන්ට ලබාදුනහොත් හොඳින් එම කාර්ය ඉටුකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
දැනට එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෝ දිමුත් කරුණාරත්න යන අයගෙන් එක් අයකු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළට නායකත්වය ලබාදෙනු ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නම් දැරූ ක්‍රීඩකයකු වන දිමුත් කරුණාරත්න සාමාන්‍යයෙන් එක්දින තරග සඳහා සහභාගි නොවන නිසා ලෝක කුසලානය පැවැත්වෙන කාල සිමාවේ එංගලන්ත හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබුණි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමත් සමග ලබාගත් සුවිශේෂි තරගාවලි ජයත් සමග ඔහු එක්දින ලෝක කුසලානය සඳහා සලකා බැලීමට තේරීම් කමිටුව තීරණය කළේ දැනට එක්දින කණ්ඩායමේ තිබෙන නායකත්ව අර්බුදයට එය පිළියමක් විය හැකි බවට අනුමාන කරමිනි.
"මම ගොඩක් ආස කරපු දෙයක් තමයි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කරන්න. ගිය අවුරුද්දෙත් අවස්ථාව ලැබුණට ක්‍රීඩා කරන්න බැරිවුණා.මේ අවුරුද්දෙත් ගොඩක් ආසාවෙන් හිටියේ නමුත් රටට ක්‍රීඩා කරනවා කියන්නේ ඊට වඩා වැදගත්. ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ ඊටත් වඩා දෙයක්."
දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගාවලියක් ක්‍රීඩා කර තිබෙන්නේ මීට වසර 4කට පෙර 2015 ලෝක කුසලානයේදිය. ඔහු මේවන විට එක්දින ඉනිම් 13ක් ක්‍රීඩා කර ලබාගෙන තිබෙන්නේ ලකුණු 190ක් පමණි. මේ තත්ත්වය තුළ දිමුත් කරුණාරත්න එක්දින ක්‍රිකට් සඳහා සුදුසු ද යන්න ක්‍රීඩා ලෝලීන්ට මතුවන ප්‍රශ්නාර්ථයකි.
"මම මුලින්ම රටට ක්‍රීඩා කළේ එක්දින ක්‍රීඩකයෙක් විදිහට, නමුත් මම හොඳින් ක්‍රීඩා කරේ සිව්දින සහ ටෙස්ට් තරග එත් සමගයි මම ටෙස්ට් ක්‍රීඩකයෙක් පමණක් බවට පත්වුණේ. නමුත් දේශීය එක්දින තරගවල මම ගොඩක් වෙලාවට වැඩිම ලකුණු 5ස් දෙනා අතර හැමතිස්සෙම ඉන්නවා," දිමුත් කරුණාරත්න සඳහන් කළේය.


