Featured News

Video Gossip

Advertisement

මාඳුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ කැනේඩියන් කොමර්ෂල් කෙඩිට් ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ප‍්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මගින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 50‍% පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍රකර ගනිමින් කි‍්‍රයාත්මක කෙරෙන අතර සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි ව්ද්‍යුත් කෝෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප‍්‍රමාණයක් යොදා ගැනිමට නියමිත අතර, එම ප‍්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4‍% කටත් වඩා අඩු ප‍්‍රමාණයකි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප‍්‍රථම මෙගා වොට් 10 මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත්. 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත් යෝජිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements